HYMN #B379
දෙවිඳුගෙ ප්‍රේමයෙනා එකතුව අපි සැවොමා
Dhevinndhuge Preamayenaa Ekathuva Api Savomaa
දෙවිඳුගෙ ප්‍රේමයෙනා
එකතුව අපි සැවොමා
එතුමගෙ ප්‍රිය දරුවන් වෙමිනා
කරමුව අපි පෙම සැමටා
පූජා කළත් සැමදේ
පෙම නැතිනම් මදි වේ //
අප ජීවිත එතුමට පුදදී
ප්‍රේමය රකිමුව සැමදා //
ප්‍රේමය ඉවසන්නේ
ගුණවත් බව ගන්නේ //
නපුරට ඉඩ අප තුළ නැතිවී
ප්‍රීතිය රජ කරනු ඇතා //
කරදර උසුලමිනා
සැබැවට ප්‍රීතිවෙනා //
ඇදහිල්ලද සැමදෙන රැගෙනා
ප්‍රේමය රකිමුව සැමදා //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →