← Back to all songs
HYMN

දෙවිඳුගෙ එකම පුතා දුන්නා

Dhevinndhuge Ekama Puthaa Dhunnaa

දෙවිඳුගෙ එකම පුතා දුන්නා

ලෝකයට ප්‍රේමය දක්වන්න //

එතුමන් අදහන සෑම දෙනා

විනාශ නොවෙන්නට //

යේසුස් දිවි පිදුවා පව්කරුවන් උදෙසා // අපි වගෙ

එතුමගෙ ප්‍රේමේ මිල කරන්න බෑ

අනන්ත ප්‍රේමය //

පුතාව දුන් දෙවිඳුන්

අන් දේ නොදී සිටින්නේද //

දෙවිඳුගෙ ප්‍රේමේ සදාකාලිකයි

වෙනස් නොවේ කිසිදා //

එතුමන් මිල දීලා ගත්තේ

මෙමාව රන් රිදී වලින් නොවේ //

පලුදක්වත් කැලලක්වත් නැති ඒ

ජීවිතෙ පුද කරලා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →