← Back to all songs
WORSHIP

සමිඳුන්ගේ සදාකල් මහීමයෙන්

Samidunge Sadakal Maheemayen

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

සමිඳුන්ගේ සදාකල් මහීමයෙන්

ස්වර්ගයෙන් ආවේ දෙව් පුතුන්

කල්වාරියේ පිදු ලෙයින් මුදවන්නයි

තෝරාගත් අයව ගළවන්නයි

ක්‍රිස්තුස් මැරුනේ පව්කරුවන්ටයි

අපි පාපයේ සිටියදී එතුම් දිවි පිදුවේ

පව්කරුවන්ගේ වන්දිය ගෙවාලා

යේසුස් පව් ඔසවා මිලය ගෙව්වායේසුස් පව් ඔසවා මිලය ගෙව්වා

කුරුසයේ එතුම් කළ ක්‍රියාව පුදුමයි

නිදහස් කළේ මා බැඳී තිබු පාපෙන්

ශුද්ධස්ථානයේ තිරය වෙන් වුනේ

පොරොන්දු මග හිමි පෙන්වුයේ

හිමි පොළොවෙන් එසවුයේ තේජස් මහීමයෙන්

උසස්වී දැන් දෙවිඳුගේ දකුණු පසින්

ගැළවුම්කාර ජයගත් සවිබල කුමරුන්

අප හා හිමි සදහට එක්වුයේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →