← Back to all songs
HYMN #B361

දෙවිඳේ ඔබ සමිඳේ අප පවුලෙහි

Dhevinndhea Oba Saminndhea

දෙවිඳේ ඔබ සමිඳේ

අප පවුලෙහි මුල අග වේ //

ලොව මුල් යුවලව ඇති කරලා

ආදරයෙන් බැඳලා

ලොව පිරෙනා තෙක් නිතිනා

වසනට වර දුන්නා

මව්පිය රැකවරණය හැරලා

අඹු සැමි එකතුවෙලා

දිවි ගෙවනා බව කිව්වා

එකම කයක් ලෙසිනා

අඹු සැමි අප හැම එකිනෙකටා

ගරු කටයුතු ලෙසිනා

ප්‍රේමයෙනා දරුවො සදා

ඇති දැඩි කරමු සැමා

නාසරතෙහි ඒ පවුල මෙනා

දේව භයින් පිරිලා

කල් ගෙවනා ලෙස තුටිනා

ආසිරි යදිමු සැමා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →