← Back to all songs
WORSHIP

සමිඳා අප ඔබ පසසම්

Samida Apa Oba / Himi Ma Obey Premaya /Himi Obey Nameta / Oba Weni Vu Kawdho

සමිඳා අප ඔබ පසසම්

අප පැසසුම් හා ස්තුති දෙන්නෙම්

ඔබටයි අපගේ ගැයුම්

ඔබටයි අපගේ පැසසුම්

හිමි පසසන්නෙම්

ඔබගේ ප්‍රේමය නොසිඳෙයි

ඔබ නොවෙනස්වෙයි නොහැරෙයි

අප දෑත් ඔසවන්නෙමු

පැසසුම් ගෙන එන්නෙමු

හිමි පසසන්නෙම්

හිමි මා ඔබෙ ප්‍රේමය සමරන්නෙමි

හද පතුලෙන් මා සමරන්නෙමි

ප්‍රේමය සමරන්නෙමි මට දුන්නාවු

නමදින්නේ මා ඔබ පමණයි

හිමි අභියස සදා ජීවනයයි

නමදින්නේ ඔබ පමණයි ඔබ මා සමිඳා

සුවය දෙමින් මුදවා හරිමින්

මා තුළ ඔබ නිති වැජඹේවා

මා සමිඳා මා සමිඳා

හිමි ඔබෙ නාමෙට පැසසුම් ගී මා ගයමි

ඔබෙ නාමෙට පැසසුම් ගී මා ගයමි

ඔබේ නාමේ උසස් පැසසුම් ලැබුමට සෑහේ(x2) හිමි ඔබෙ නාමෙට මහිමය මා දෙන්නෙමි

ඔබෙ නාමෙට මහිමය මා දෙන්නෙමි

ඔබේ නාමේ උසස් මහිමය ලැබුමට සෑහේ(x2) හිමි ඔබෙ නාමෙට ගෞරව මා දෙන්නෙමි

ඔබෙ නාමෙට ගෞරව මා දෙන්නෙමි

ඔබේ නාමේ උසස් ගෞරව ලැබුමට සෑහේ(x2)

ඔබ වැනි වු කව්දෝදෙවිවරු අතරේ සමිඳුන්

ඔබ වැනි වු කව්දෝශුද්ධ වු මහිමයේ

උසස් වු පැසසුමේකළා වු පුදුම දේ

ඔබ වැනි වු වෙන කව්දෝ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →