← Back to all songs
WORSHIP

ප්‍රේමය නොමැතිව මා නිෂ්ප්‍රයෝජනයි

Premaya Nomethiwa Ma

ප්‍රේමය නොමැතිව මා නිෂ්ප්‍රයෝජනයි

ප්‍රේමය ඉවසයි කරුණාවන්තයි

ප්‍රේමය ඊර්ෂ්‍යා නොවයිි

ප්‍රේමය පාරට්ටු නොකරයි

ප්‍රේමය උඩඟු නොවයි

ප්‍රේමය අශෝභන වන්නේ නෑ

තමාගේම කාරණා නොසොයයි

ප්‍රේමය කෝපය හා නපුර නොපෙන්වයි

වරදක් සිදු වූ විට සතුටු නොවයි

ප්‍රේමය සීමා රහිතයි

ප්‍රේමය මුළුමනින් පෙන්වයි

ප්‍රේමය නිසා යේසුස් හට මා කැපවෙම්

මගේ රජුන් ලෙස මා හදින් ගරු කරම්VERSE 2: ප්‍රේමය නොකඩව යාච්ඤා කරයි

මිතුරෙක් වෙනුවෙන් අපි දිවි පුදමු

ප්‍රේමය පීඩාවූවන් හට අත දී උදව් කරයි

සමිඳුගේ ආශාව ඉෂ්ටකරයි

දෙවිඳුගේ ප්‍රේමය සියල්ල දරා ගනියි

දේව වදනය ජයගන්නා විට සතුටු වෙයි

සැමදේ නැතිවූවත් ප්‍රේමය සදා පවතියි

ප්‍රේමය කිසිදා පහ වී නොයයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →