← Back to all songs
HYMN

දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ

Dhevinndhea Maa Kumatadha Visheasha Vannea

දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ

මගේ රජිඳේ මා සැමදාම සිහි කරන්නේ //

මන්දැයි // ඔබ මා සමඟ සිටින නිසා

වළාකුළේ සිට ඔබ මඟ පෙන්වූවා

දවස මුළුල්ලේ ඔබ ආරක්ෂා කළා

ප්‍රේමයේ දෙවිඳුන් මා සමඟ ඉන්නේ

එය සෑහේ දිවිය පුරා //

දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ…

පිපාසයෙන් දේව සෙනඟ අහස දෙස බලා

පර්වතය වූ දෙවිඳු අප සමඟිනා

මගේ සියළු ආශාවන් ඉටු කරන දෙවිඳේ

සන්තෝෂෙන් මා නමදින්නේ //

දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ..

ජීවිතේ තිත්ත අත්දැකීම් ලැබුවා

ප්‍රේමයේ ඒ ගස මා සමඟ වේ

මාරාවේ ජලය මිහිරට හැරවූ

ඒ දෙවිඳුන් මා සමඟයි //

දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ…

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →