← Back to all songs
WORSHIP

පොළොවේ සීමාවේ මැවුම්කරුන් (එල්ෂැඩායි එල්ෂැඩායි)

Polowey Seemawey Mavumkarun---Elshaddai

එල්ෂැඩායි එල්ෂැඩායිසවිබල දෙවිඳුන් ඔබමයි

එල්ෂැඩායි එල්ෂැඩායිකිසි හිඟයක් නොමැතිව

අපහට සපයන සව්බල දෙවිඳු ඔබයි

පොළොවේ සීමාවේමැවුම්කරුන් ඔබමයි - ඔබමයි

සදාකාලයේ දිවි ගෙවනා දෙවිඳුන්ඔබමයි

වෙහෙස නොවන්නාවූක්ලාන්ත නොවන්නාවූ

සව්බල දෙවිඳු ඔබයි

අපගේ දිවියට සවි ශක්තිය දෙන

දමිටු වු දෙවිඳු ඔබයි

දෙව් වදනින්විශ්වය උසුලන්නේ ඔබයි - ඔබමයි

පෘතුවිය මතු පිටවැඩ වසනා දෙවිඳුන් ඔබමයි

වෙනස් නොවන්නාවූබොරු නොකියන්නාවූ

සව්බල දෙවිඳු ඔබයි

අපගේ ආත්මෙට සහනය ගෙන දුන්

යේසුස් සමිඳු ඔබයි

මහා සාගරයේමග සාදන්නේ ඔබයි - ඔබමයි

කාන්තාරයේරුක් සිටුවා උයනක් කළේ ඔබමයි

ප්‍රඥාවෙන් දැන ගැන්මෙන් පූර්ණවූ

සව්බල දෙවිඳු ඔබයි

අපගේ මනසට ශාන්තිය ගෙන දුන්

සාමයේ කුමරු ඔබයි

කඳු මුදුන් වලින්ගංඟා මැව්වේ ඔබයි - ඔබමයි

වියළි දේශයේ උල්පත් විවර කළේඔබමයි

ප්‍රේමෙන් පූර්ණවූ - මහිමෙන් පූර්ණවූ

සව්බල දෙවිඳු ඔබයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →