← Back to all songs
WORSHIP

පෙම්බර දෙව්තුමනි දයාබර යේසුනි

Pembara Devthumani

පෙම්බර දෙව්තුමනි දයාබර යේසුනිපෙම්බර දෙව්තුමනි දයාබර යේසුනි

ඔබේ ශුද්ධ ප්‍රේමෙන්මගෙ දිවි ගළවා ප්‍රීතියෙන් පිරුවේ(x2)

මුලූ ලොවටම ඔබප්‍රේමකළේ

පාපයෙ බැඳුමෙන් මුදවන්නයි(x2)

දිව්‍ය බලෙන් ඔබ අප සැම පුරවා

ශාපය බිඳ භෙලූවේශාපය බිඳ භෙලූවේ

ඔබගේ කරුණා ගුණයෙන්මගේ සිත උතුරා ඇතේ(x2)

සැමදා මහිමය ඔබහට දෙන්නෙමි

මගේ දිවි ඔබට පුදාමගේ දිවි ඔබට පුදා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →