← Back to all songs
WORSHIP

පාස්කුවේ බැටළුතුමන්ගේ ලේ

Paskuwe Bateluthumange Leyin

පාස්කුව සහ උත්ථානය · Easter & Resurrection

පාස්කුවේ බැටළුතුමන්ගේ ලේ

මගේ ජීවිත දොරටුවේ ආලේප කළේ

අඳුරු බලයන් නැත කිසිදා ජය ගන්නේ

අනගි ලේ පූජාවේ බලේ

සාතන් ගෙන ආවත් සැම චෝදනා

මා කිතු තුළ සිටිනා බැව් පවසම්

දැන් නැත මට කිසි දෝෂාරෝපණයක්

යේසුස් ලෙය මට රැුකවරණය දෙයි

යේසුස් ලෙය මට රැුකවරණය දෙයි

එය මගේ අතීතයේ පාප දුරු කළේ

දෙවිඳුගේ කරුණාවෙන්

ශුද්ධව ධර්මිෂ්ඨව සිටිමි

යේසුස් ලෙය මට රැුකවරණය දෙයි

සතුරාගේ සැලැස්මෙන් මා සුරැුකව ඉන්නේ

මට විරුද්ධ අවි කිසිදා සඵලවත් නොවේ

යේසුස් ලෙය මට රැුකවරණය දෙයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →