← Back to all songs
WORSHIP

පැසසුම් හඬ විහිදුවා හරින්

Pasasum Handha Vihiduwa Harin

ශුද්ධාත්මයාණන් · Holy Spirit

පැසසුම් හඬ විහිදුවා හරින්

හදෙහී හඬ නගන්න දවස පුරා

ඔබෙ දිවි ගත කරන් අපේක්ෂාවෙන්

කැමතිව කීකරුවී පවතිමින්

බලයට ක්‍රියා කරන්නට දෙන්

ඔබෙ ආත්මයෙන් ගලන්නට දෙන්

ප්‍රේමෙන් ඔබගේ දිවි ගත කරන්

මෙය දොරටු විවෘත කරනු ඇතේ

උතුරායන නදියට ගලන්න දෙන්

අධීක ලෙසින් ගලන්නට දෙන්

ජීවනයේ උල්පත් පතුලෙන්

සමෘද්ධියෙන් ශ්‍රේෂ්ඨව උතුරයි

අන් භාෂාවන්හී තේරුම් දක්වමින්

විශේෂ ඇදහිල්ලෙන් අනාවැකියෙන්

සුවයේ දීමනාවන් හාස්කම්

උතුරායන නදියට ගලන්න දෙන්

මැදිහත් යාච්ඤාවට කාලය දෙන්

මුළාවූවන් හා ඔවුන්ගේහිඟකම් වෙනුවෙන්

ඒ උදෙසා ආත්මෙන් අයදිමු

අප එක්සත්වී එකඟ වෙමින්

එක් අයෙකු දෙදෙනෙක්හෝ යාච්ඤා කිරීමෙන්

දෙවිඳුන් අසමින් එය සපයා දෙයි

සැම කනස්සල්ලක්ම ඉවතලමින්

ඒවා පූජාසනයේ තබමින්

ආත්මයෙන් මට මුද්‍රා තබා ඇතේ

ඔව් මා ගැළවී පිරී සුව ලබා ඇතේ

කඩුවත් මට ඇත පලිහත් මාහට ඇතේ

දැන් දෙවිඳුගේ සත්‍ය එළිදරව් වූ බැවින්

මඩ වගුරෙන් මා....ඔසවා ඇතේ

ශුද්ධාත්ම ගින්නෙන් හා බලයෙන්

මෙය කවදාවත් දැනගෙන සිටියේ නැතේ

නමුත් මා කැමතියි පවසන් වැඩියෙන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →