← Back to all songs
WORSHIP

පසසම් හිමි මා ප්‍රාණේ

Pasasam Himi Ma Prane / Yesus Swaminya / Nawa Upathai Jaya Urumai

පසසම් හිමි මා ප්‍රාණේ

මා තුළෙහි සියල්ලත්

පසසම් නාමේ

පසසම් හිමි මා ප්‍රාණේ

එතුම් කල දේ සමරව්

පසසම් නාමේ

සැම රෝගෙන් මට සුව දුන්නේ

සැම පාපෙට දුන්නේ කමා

අඳුරෙන් මා මුදවා ගත්තේ

එතුම් හා මා හිඳුවාලා

කරුණා ගුණයෙන් මා පළඳා

එතුම් ප්‍රේමෙන් මා පුරවා

ඉහළින් ආසිරි මට දුන්නේ

යහපත මට සලසාලා

යේසුස් ස්වාමීන්යයේසුස් ස්වාමීන්යයේසුස් ස්වාමීන්යයේසුස් ස්වාමීන්යසැම දේශේ(x2)

දමිටුකමෙහි එතුම් වැජඹෙයි

නිවැරදි බවෙහි එතුම් වැජඹෙයි

එතුම් ලේ ජය ලැබුවාප්‍රාණයේ සතුරා පරදා

එතුමන් අප බලවත් මිදුම්කරු

නව උපතයි ජය උරුමයි

අති උතුම්වූ දෙවිඳුන්ගේ දරුවන් අපි

නව උපතයි ජය උරුමයි අප දරුවන් රජුගේ

නව මැවිල්ල අප සමිඳුන්ගේ

ලෙයින් පිරිසිදු වී ඇත්තේ

පරිවර්තනයක් ඇත සිදුවී

දෙව් බලයෙන් පිරි දිවියේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →