← Back to all songs
WORSHIP

ඔබෙ ප්‍රීතිය මගේ ප්‍රීතියයි සමිඳේ

Obey Preethiya Mage Preethiyai

ඔබෙ ප්‍රීතිය මගේ ප්‍රීතියයි සමිඳේ

ඔබෙ ශක්තිය මගෙ ශක්තියයි

ඔබ මා හද නව ගීයෙන් පුරවා ඇතේ

ඔබෙ සාමය මා සමාදානයයි සමිඳේ

ඔබෙ මාර්ග මගෙ මාර්ගවේ

යේසුස් සමිඳේ ඔබ දැන් මා පුරවා ඇතේ

පසසන්නෙමි ඔබෙ නාමේ

ඔසවන්නෙමි හඬ මාගේ

ඔබෙ ප්‍රේමේ මා උදෙසා උසස් බැවින්ප්‍රීතී වෙමී

මා ප්‍රිය කරනා ස්ථානය මෙයයි

මා ඔබ සමඟයි ඔබ මා සමඟයි

ඔබෙ ප්‍රේමේ මා උදෙසා උසස් බැවින්ප්‍රීති වෙමී

ප්‍රීති - වෙමී - ප්‍රීතියි - මා ප්‍රීතී වෙමීප්‍රීති - වෙමී - ප්‍රීතියි -මා ප්‍රීතී වෙමී(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →