← Back to all songs
HYMN #B227

ආසිරිලත් වූ ඒ පැතුමා (හාලෙලූයියා)

Aasirilath Voo Ea Pathumaa Haalelooiyaa

ආසිරිලත් වූ ඒ පැතුමා

ප්‍රීතිය ගෙන දේ ලෝ සතටා //

යුගය මේ දිනයේ ගෙවී යන්නා

මවිත වූ සැබෑව හෙලිවෙන්නා //

හාලෙලූයියා! හාලෙලූයියා!

මහිමේ රාජා ජයගත් සමිඳා

බලා සිටිම් මා මහිමේ ඒ රාජා

ලෝ හා අඹරේ ලකුණු පෙනේ

තරු යුත් ගුවනේ චිත්‍ර මෙනේ //

හිමිගේ විශ්වාසවූ දරුවන්

හඟවයි යේසුගේ ඊම සැණින් //

යේසු තුලේ සැතපෙන සුදනන්

පරදමින් නැගිටිත් සොහොන තුළින් //

උසස් සගේ සතුවේ ජයැත්තන්

කිතුතුම් අරුණ මෙන් එහි දිලෙනේ //

මෙලොවේ වසන්නාවූ සුදනන්

ගුවනෙහිදී හමුවේ සමිඳුන් //

එසවීමේ පැතීම නැති නොවනේ

එබැවින් සැනසෙම් මේ වදනින් //

සටන දිනාගත් පූර්ණ සුදන්

සුර කුමරා හා එක්වේ තෙදින් //

මනරම් නිවාඩුවේ වෙසෙමින්

නව ගී ගයමින් තොස් වඩමින් //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →