← Back to all songs
WORSHIP

ඔබෙ නොමියන ප්‍රේමේ

Obe Nomiyana Preme / Oba Namadimi Savibala Devidun

ඔබෙ නොමියන ප්‍රේමේ

අහස් තලය තෙක් පැතිරෙයි

ඔබෙ විශ්වාසවන්ත බවඋසස්ය වළාකුල් සේ

දමිටුකම ඔබේතේජාන්විත පර්වතයක් සේ

ඔබෙ ප්‍රඥාව ගැඹුරුයි මහ සාගරයක් සේ

ඔබ මා වෙත පැමිණියේ

මා හද උතුරයි ඔබගේ කරුණා ගුණයෙන්

මාහට ඇත්තේ සමාදානය ඔබ සෙවනේ

මා කුස පුරවම්ඔබේ අධික සඵල වූ ගෘහයෙන්

මා පිපාසය සංසිඳුවම් ප්‍රීතියේ ගඟුළින්

ඔබයි මගේ රජිඳුන්ඔබයි මගේ රජිඳුන්

ඔබ නමදිමී සවිබල දෙවිඳුන්

ඔබ නමදිමී සවිබල දෙවිඳුන් නැත කිසිවෙකු ඔබ මෙන්

ඔබ නමදිමී සාමයේ කුමරුන්

මාගේ ප්‍රේමය ඔබටයිඔබ පසසමී - මාගේ දමිටුකම ඔබයි

ඔබ නමදිමී සවිබල දෙවිඳුන්

නැත කිසිවෙකු ඔබ මෙන්නැත කිසිවෙකු ඔබ මෙන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →