← Back to all songs
HYMN

දෙවි සමිඳුන් කැමති ලෙසින්

Dhevi Saminndhun Kamathi Lesin

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

දෙවි සමිඳුන් කැමති ලෙසින්

ඔබ දෙදෙනා මුන ගැසුනා

දෙවිඳුන්ගේ කල් පිරුනා

ඔබ හදවත් පෙම් බැඳුනා

සැමදා ඔබගේ යුග ජීවිතයේ

දෙවිඳුන් අදහස ඉටුවේවා - //

එකිනෙකාට සපිරුණු ජීවිතයක්

යුග දිවියේ අරුතක් වේවා

සැප දුක තුල ප්‍රේමය ඔබගේ

සත්‍යතාවයට ලං වේවා

දෙවි සමිඳුන් කැමති ලෙසින්...

සේවය කරන්න ඔබ කැඳවා ඇත

ඔබෙන් ලොවට සෙත සැලසෙන්නේ

කුණාටු එන කල පිය දෙව් සමිඳුන්

පහන් ටැඹයි ඔබගේ දිවියේ

දෙවි සමිඳුන් කැමති ලෙසින්...

සෙනෙහස බැඳි සාමයේ සොම්නස් ගඟ

ඔබ දිවි කතරට සෙත දේවා

දෙහදක බැඳෙනා තිරසර පෙමකට

දෙවිඳුගෙ ආසිරි අත් වේවා

දෙවි සමිඳුන් කැමති ලෙසින්...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →