WORSHIP
ඔබ නමදින්නෙම්
Oba namadinnem (Mage Pesasum Labanna Oba Sehe)
ඔබ නමදින්නෙම් - මගේ මුළු හදින්
ඔබ පසසන්නෙම් - මගේ මුළු ශක්තියෙන්
ඔබව සොයන්නෙම් - මා සැම දිනයන්හී
ඔබ අනුව එමී - ඔබෙ මාර්ග අනුව එමී
මුළුමනින් නමස්කාර කරමින්
මුළුමනින් ප්‍රශංසා කරමින්
මගේ ආශාව ඔබ නමදින්නයි
මගේ පැසසුම් ලබන්න ඔබ සෑහේ
මගේ දණ නමමින් - රජු ලෙස ගරු කරම්
මා සේවය කරනෙම් - සැමදේ ඔබට පුදා
සිහසුණ වෙතට මා - නෙත් ඔසවන්නෙමී
විශ්වාස කරමින් - මුළු විශ්වාසයෙන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →