නැතේ නැතේ නැත අන් කිසිවක්
Nethey Nethey Netha An Kisiwak / Kumakinda Mage Pav Sodanne / Ma Midune Ley Thulin
නැතේ නැතේ නැත අන්
කිසිවක් යේසුස් ලේ මෙන්(x2)
කුමකින්ද මගේ පව් සෝදාගත්තේ්?
යේසුස් ලේ මෙන් නැත කිසිවක්
කුමකින්ද මා සම්පූර්ණ කළේ?
යේසුස් ලේ මෙන් නැත කිසිවක්
කුමකින්ද මගේ පව් සේ්දුවේ?
යේසුස් ලේ මෙන් නැත කිසිවක්
කුමකින්ද මා සම්පූර්ණ කළේ?
යේසුස් ලේ මෙන් නැත කිසිවක්
ඔව් අනගී ගඟ
හිම මෙන් පව් සෝදන ගඟ
නැත අන් කිසි උල්පතක්
යේසුස් ලේ මෙන් නැත කිසිවක්
මාගේ පාප කමාවටත්
යේසුස් ලේ මෙන් නැත කිසිවක්
මාගේ පව් සෝදාලන්ටත්
යේසුස් ලේ මෙන් නැත කිසිවක්
කමාව ලැබුමට ඇත්තේ මෙයයි
යේසුස් ලේ මෙන් නැත කිසිවක්
මාගේ යහපත්කමින් නොවේ
යේසුස් ලේ මෙන් නැත කිසිවක්
මාගේ පැතුමන් හා සමාදානයයි
යේසුස් ලේ මෙන් නැත කිසිවක්
මාගේ දමිටුකම වන්නේ
යේසුස් ලේ මෙන් නැත කිසිවක්
මා මිදුනේ ලේ තුළින්
මා මිදුනේ ලේ තුළින් යේසුස්ගේ ලෙයින්
මිදුනේ ලේ තුළින් යේසුස්ගේ ලෙයින්
රෝගෙන් මරණින් දිළිඳුකමෙන්
මා නිදහස ලැබුවේ
මා මිදුනේ ලේ තුළින් යේසුස්ගේ ලෙයින්
එදා කල්වාරියේ කුරුසයේදීයේසුස් දිවි පිදුවේ
ලෙඩ රෝගෙන් මරණින් දිළිඳුකමෙන්
එතුමන් ලේ මා නිදහස් කළේ
සටන් කරන්නටයි හිමි මා වෙනුවෙන්
තෙදිනක් සිටියේ සොහොනේ
එතුම් ජයගනිමින්මළවුන්ගෙන් නැගිටුනේ
මා නිදහස් කරන්නටයි
යේසුස් හිමි එසවුනු විට පැවසුවේ
”සැම බලයන් මගේ අතේ
ඒ පුවත ගොසින් සැමහට පවසන්
ශුභ ආරංචිය මෙයයි
මා තුළින් ඔවුන්ට ලැහෙනුයේ
අධික ජීවනයයි”
ඔවුන් මිදුනේ ලේ වලින්
දෙව් පුතුන්ගේ ලෙයින්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →