WORSHIP
නැගිට සමිඳුට ස්තුති දෙන්න
Negita Saminduta Sthuthi Denna / Siyon Idiriye Pesasum Gena Emu / Ethuman Balawath Ape Gelawumkaru
නැගිට සමිඳුට ස්තුති දෙන්න
එතුම් තෝරාගත් අයහිමි නාමේ පසසන්(x2)
අනතුරෙන් එතුම් අප දිවි මිදුවේ
සතුරාගෙන් එතුම් අප දිවි මිදුවේ
එතුම් නාමේ පසසමු නටමින්
සදාකල් හිමි තුළ ප්‍රීතිවෙමු
සියොන් ඉදිරියේ පැසසුම් ගෙන එමු
සමිඳුගේ පැසසුම් මා මුවෙහී රැඳේ
සියොන් ඉදිරියේ පැසසුම් ගෙන එමු
එතුම් ධජය සදා ඔසවන්එතුම් ධජය සදා ඔසවන්
අපව තෝරා ඇතේ එතුම් ජනයන් මෙන්
රජ පූජක ලෙස හිමි නමදින්නයි
රජිඳුන් පසසමු ගී ගයමින්
සදාකල් ස්වාමීන්ය
එතුම් සදාකල් ස්වාමීන්ය
එතුමන් බලවත් අපෙ ගැළවුම්කරු
ඉශ්‍රායෙල්හී ශුද්ධ දෙවිඳුන්(x2)
පැසසුම් හඬින් ප්‍රීතියෙන් ගයමි
මුළු මැවිල්ල හිමි නාමේ පසසන්
අති උතුම් සමිඳු බලවත් දෙවිඳුන්
සදා එතුමන් එකසේ පවතී
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →