WORSHIP
නෑ නෑ නෑ කවදාවත්
Ne ne ne kavadawath (Mata beha kiya kisida)
මට බෑ කියා කිසිදා නොපවසම්
යේසුස් තුළින් සැමදේ කළ හැකියි
මට නෑ කියා කිසිදා නොපවසම්
මගේ දෙවිඳුන් සැමදේ සපයන්නේ
නෑ නෑ නෑ කවදාවත්නෑ නෑ නෑ කවදාවත්
වැරදි දේ මා නොකියන්නෙමි(x2)
මා දුර්වල බව කිසිදා නොපවසම්
සමිඳුන් මගේ ජීවිතයේ ශක්තියයි
මා පරාජය බව කිසිදා නොපවසම්
ක්‍රිස්තුස් තුළ මා ජයග්‍රාහිකයි
මා ලෙඩ රෝගෙන් බව කිසිදා නොපවසම්
හිමිගේ කස පහරින් මා දැන් සුවයි
මා කනස්සලු බව කිසිදා නොපවසම්
සැම කරදර සමිඳුට දෙන්නෙමි
මා බැඳී ඇති බව කිසිදා නොපවසම්
සමිඳුන්ගේ ආත්මෙන් මා දැන් නිදහස්
දොස් පැවරුනු බව කිසිදා නොපවසම්
එතුමන් කිසිදා මට දොස් නොපවරයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →