← Back to all songs
WORSHIP

නව උපතයි ජය උරුමයි

Nawa Upathai Jaya Urumai / Yesus Ley Piduwe / Yesus Swaminya...Me Dheshey

නව උපතයි ජය උරුමයි

අති උතුම්වූ දෙවිඳුන්ගේ දරුවන් අපි

නව උපතයි ජය උරුමයිඅප දරුවන් රජුගේ

නව මැවිල්ල අප සමිඳුන්ගේ

ලෙයින් පිරිසිදු වී ඇත්තේ

පරිවර්තනයක් ඇත සිදුවී

දෙව් බලයෙන් පිරි දිවියේ

යේසුස් ලේ පිදුවේ - මාගේ පව් උදෙසයි

එතුමන් දිවි පිදුවේ - මා දිවි මුදන්නටයි

යේසුස්ගේ ලෙයින් - මා පවිත්‍ර කළේ

එතුම්ගේ අනගි ලෙයින් - මට පාපෙන් ජය දුන්නේ

එතුම්ගේ ලේ ගිවිසුමෙන් - මාව දමිටු කළේ

මා ඒ ගිවිසුම තුළින් - දේව දරුවෙක් වුනේ

යේසුස් ස්වාමීන්ය (ස්වාමීන්ය)  x4

මේ දේශයේ

දමිටු කමෙහි එතුම් වැජබේ(එතුම් වැජබේ)

නිවැරදි බවෙහි එතුම් වැජබේ(එතුම් වැජබේ)

එතුමන් එය පැරදුවාඅප ප්‍රාණයේ සතුරා

එතුමන් අප බලවත් මිදුම්කරුයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →