← Back to all songs
WORSHIP

මෙදින මා ඔබ වෙත එමී

Medina Ma Oba Wetha Emi

මෙදින මා ඔබ වෙත එමින්

ඔබහට ආදරේ යැයි පවසමින්

ස්තූතී වේ - සමිඳුට ස්තූතී වේ

ඔබ මට දුන් සෑමදේ හා

නොපෙනෙන ආශීර්වාද උදෙසා මා

ස්තුතී පුදමී සමිඳුට ස්තුතී පුදමී

ස්තුතිවන්ත හදින් - පැසසුම් ගීයෙන්

දෑත් ඔසවමින් ඔබේ නාමේ පසසම්

ස්තුතී වේ - ප්‍රේමෙන් පුදමී සමිඳේස්තුතී වේ -ප්‍රේමෙන් පුදමී සමිඳේ

(ස්තූතී වේ)

ඔබ මා දිවියේ කළ සැමදේ

අඳුර මකා ආලෝකය දුන් නිසා

ස්තුතී වේ - සමිඳුට ස්තුතී වේ

පාපය හා රෝගය උසුලා

මගේ නින්දාවන් දැරුවේ

ඔබමයි සමිඳේ

ස්තුතී පුදමී සමිඳුට ස්තුතී පුදමී

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →