HYMN #B340
දෙව් රජුන් රජයේ (සෑම තරු ඉහලින්)
Dhev Rajun Rajayea Saama Tharu Ihalin
දෙව් රජුන් රජයේ
සිහසුන් බොහෝ ඇත්
ජයලත්තන් එහි උරුමය ලබත්
ඒ ලක්ෂණ රටේ
දමිටුන් ගී නඟත්
සුමිහිරි වීනා මිහිරියෙන් වයත්
සෑම තරු ඉහලින්
දූත සේනා වසමින්
විනිසෙන් මිදූ සුදන්
මහිමේ දේය ස්වාමිටා නිතින්
ප්‍රීතිමත් දේසයේ සමාදානෙන් දිලේ
කිසි දුකක් එහි දක්නට නොලැබේ
ආශිර්වාද ලද්දන් වීණාවන් වයමින්
ස්වාමින්ගේ ප්‍රේමයේ මහිමේ පවසත්
යෙරුසලෙම් පුරේ සුද්දවන්තයන්ගේ
දමිටු වස්ත්‍රයන් දීප්තියෙන් බැබලේ
තේජසේ රාජ්‍යයේ ලබමින් උරුමේ
මහිමේ මහිමෙන් මාරුවේ හිමිසේ
ගාවිනා වින්දවූ සුද්දවූ සේනාවන්
ඉසුලු සියලු දුක් බර සන්තොසින්
සෑම සටනින් ජය ලැබූ දාසයන්
සේවය කරන්නේ හමුයේ පියාණන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →