← Back to all songs
WORSHIP

මා තුළ පවතින්න

Ma thula pavathinna

මා තුළ පවතින්න

මන්ද මා ඔබ තුළයි

මගේ වචනය රැකගන්න

මන්ද ජීවනය ඒ තුළයි

(x2)

යේසුස් හිමි පැවසූ වදන්ය මේවා

සැබෑ වූ මිදිවැල ස්වාමීවූ යේසුස් වේ

එම ජීවන වෘක්ෂයේ අත්තක්මා වන්නෙම්

(x2)

ඔබෙ වචනයෙන් පිවිතුරු වී

මා බොහෝසේ එල දරමින්

මගෙ පියවූ දෙවිඳුගේ උයනෙහි පවතින්නෙම්

දැන් ඔබ පවිත්‍ර වන්නේමා පැවසූ වදනින්

එබැවින් මෙ වදන්ඔබ තුළම තබා ගනිමින්

(x2)

ඕනැ දෙයක් ඉල්ලන්න

ඔබහට එය දෙනු ලැබේ

යේසුස් හිමි පැවසූ වදන්ය මේවා

මගේ අණ පනත්ඔබෙ හදෙහි සඟවා ගන්න

මගේ ප්‍රේමය තුළ ඔබ නිතරම පවතින්න

(x2)

ඔබෙ ප්‍රීතිය පූර්ණ වී

මගෙ ප්‍රීතිය ඔබ සනසයි

යේසුස් හිමි පැවසූ වදන්ය මේවා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →