HYMN #B021
දෙව් හිමිපාණෙනි, සුරලොව දෙවිඳු මගේ
Dhev Himipaaneni
දෙව් හිමිපාණෙනි
සුර රජිඳාණෙනි
පුන්බල දෙවිඳු පියේ
අපි ඔබ නමදිමු තුතිදෙමු පසසමු
සැමදා මහිමෙ ඔබේ
සුරලොව දෙවිඳු මගේ
ඔබහට මහිමය වේ //
මිහිමත දන හට සාමය වේවා
ප්‍රේමයෙ දෙවිඳු පියේ
සගයෙහි වැඩ හිඳිනා පිය දෙවිඳුනි
කරුණා නයන හෙලා
ලෝ පව් දුරලන දෙව් හිමිපාණෙනි
අප හට වෙනු කරුණා
නිති සරණය දෙන දෙවිඳුනි කඩනොව
නංවනු ආසිරිවලා
හිමියනි දෙවිඳුනි සලසනු ප්‍රේමය
අප වෙත එන්න ගලා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →