WORSHIP
මා නැතිවී සිටියදී එතුම් මගේ ණය ගෙව්වේ
Ma Nethivi Sitiyadi
මා නැතිවී සිටියදී එතුම් මගේ ණය ගෙව්වේ
ස්වර්ගයෙන් උතුම් දේ මට දුන්නේ
එය හිමිගේ ප්‍රේමයයි ඉහළින් එව්වේ
බන්ධනයෙන් නිදහස් කරන්නටයි
මගේ දෙවිඳුන් යහපත්ය යහපත්ය
එතුමාණන් මට යහපත්ය(x2)
යේසුස් ක්‍රිස්තුස් පාපයේ පූජාවයි
සැම අයගේ මිලය ගෙව්වේ
අදහන අය දැන් දෙවිඳුන් පිළිගෙන
සදාකාල ජීවනය ලබයි
දැන් ඔබ යේසුස් හඳුනා ගැනීමෙන්
උරුමය හිමි කරගන්නේ
දෙවිඳුගේ පොහොසත්කමෙන්
හොඳ සුවයෙන් ගමන් කරන්නට
ඔබහට දියුණුව එතුමන් දෙන්නේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →