← Back to all songs
WORSHIP

මා මිදුනේ ලේ තුළින්

Ma Midune Ley Thulin

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

මා මිදුනේ ලේ තුළින් යේසුස්ගේ ලෙයින්

මිදුනේ ලේ තුළින් යේසුස්ගේ ලෙයින්

රෝගෙන් මරණින් දිළිඳුකමෙන්

මා නිදහස ලැබුවේ

මා මිදුනේ ලේ තුළින් යේසුස්ගේ ලෙයින්

එදා කල්වාරියේ කුරුසයේදීයේසුස් දිවි පිදුවේ

ලෙඩ රෝගෙන් මරණින් දිළිඳුකමෙන්

එතුමන් ලේ මා නිදහස් කළේ

සටන් කරන්නටයි හිමි මා වෙනුවෙන්

තෙදිනක් සිටියේ සොහොනේ

එතුම් ජයගනිමින් මළවුන්ගෙන් නැගිටුනේ

මා නිදහස් කරන්නටයි

යේසුස් හිමි එසවුනු විට පැවසුවේ

”සැම බලයන් මගේ අතේ

ඒ පුවත ගොසින් සැමහට පවසන්

ශුභ ආරංචිය මෙයයි

මා තුළින් ඔවුන්ට ලැබෙනුයේ

අධික ජීවනයයි”

ඔවුන් මිදුනේ ලේ වලින්

දෙව් පුතුන්ගේ ලෙයින්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →