HYMN #B060
දෙව් බිළිඳු රජා ගවලෙනක එදා
Dhev Bilinndhu Rajaa Gavalenaka Edhaa
දෙව් බිළිඳු රජා ගවලෙනක එදා
සීතල ඒ රැයෙදී
බොහො දිළිඳු ලෙසා
මහ උපත ලබා
මුළු ලොව එළිය කලා
සත වෙත ගුණ මෙත් දම් පතුරා
මනුසත අප පාපෙන් ගලවා
සාමය ලොව පැතුරූ සමිඳා
නමඳිමු අපි සැවොමා
දම් වැසි වස්සාලා සමිඳා
අප හදවත් වල මල සෝදා
යහමග පෙන්වා දුන් සමිඳා
නමඳිමු අපි සැවොමා
පවිටුන් සැම බේරා වරදින්
මරණෙට තම දිවි පුද කරමින්
ප්‍රේමය පෙන්වා දුන් සමිඳා
නමඳිමු අපි සැවොමා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →