← Back to all songs
WORSHIP

කුරුසෙදී මිල ගෙව්වේ මා යේසුස්

Kurusedhi Mila Gewve Ma Yesus

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කුරුසෙදී මිල ගෙව්වේ මා යේසුස්

ශාපයෙන් මුදවා මට සුවය ගෙන දුන්නේ

අන්ධකාර බල බිඳ දමමින්

නිරයෙන් ජයගත්තේ

මළවුන්ගෙන් නැගිටුනේ ජීවමානවයි

ඒ නිසා සුවය ප්‍රිය කරමි

ලෙඩ රෝගෙට ඉඩ නොදෙමි

බොරු වදනට ඉඩ නොදෙමි

සොරකමටත් ඉඩ නොදෙමි

එනමුත් ප්‍රේමෙන් සිටිමින්

දෙව් ගිවිසුම පවසමි

රජ කරනෙමි මා දැන් යේසුස් සමගින්

යේසුස්ගේ කස පහරින් මා සුවයි

යේසුස් තුවාල ලැබුවේ මා උදෙසයි

හිමි පාපේ සැම පීඩා දැරුවේ

එතුම් අනගි ලේ පිදුවේ

යේසුස්ගේ කස පහරින් මා සුවයි

මරණෙට නැතඑතුම් කෙරෙහි අධිපතිකම්

මැරුණෙමි මා පාපෙටයේසුස් සමිඳුන් මෙන්

කිතු තුළ දැන් දෙවිඳුන් හඳුනන්නෙමි

නව උපත මා ලැබු නිසා

දෙවිඳුන් තුළ මා දැන් ජීවත් වන්නෙමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →