← Back to all songs
HYMN #B019

දෙමුව රජුට ස්තුති ගී

Dhemuva Rajuta Sthuthi Gee

දෙමුව රජුට ස්තුති ගී

දැන් ප්‍රීතියෙන් යේසුස්ගේ

පා මුල වැඳ වැටී

දෙමුව රජුට ස්තුති ගී

යේසුස්ට ආදරැත් සැවොම දැන් වරෙව්

වැටෙමින් මුහුණින් මහිමේ පූජා දෙව්

හලේලූයා! හලේලූයා පණ දුන්නේ කල්වරියේ

සිංහසනේ වටේ රැස්වූ පිරිවරත්

දෙව් දූතුන් හා අපත් දෙන්නෙමු ගී මහත්

හලේලූයා! හලේලූයා පණ දුන්නේ කල්වරියේ

දිව්‍ය ප්‍රශංසා හා ගෞරවයත් වේවා!

නිම් හිම් නැත් තේජසත් දෙව්තුම්ට අත්වේවා!

හලේලූයා! හලේලූයා පණ දුන්නේ කල්වරියේ

යොර්දාන් ගඟින් එහා ගී දෙමු බෝ හඬින්

රන් වීණා වයමින් තේජසේ සිටිමින්

හලේලූයා! හලේලූයා පණ දුන්නේ කල්වරියේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →