← Back to all songs
WORSHIP

කිසිවක් ගැන ඔබ කනස්සලූ නොවන්න

Kisiwak Gena Oba Kanassalu Nowanna

කිසිවක් ගැනඔබ කනස්සලූ නොවන්න

සියල්ලෙදි යාච්ඤාවෙන්දෙවිඳුට දන්වන්න

ස්තුති දීමෙන්ඔබෙ ඉල්ලීම් පුද කරන්න

දෙව් සමාදානෙන්ඔබෙ හද පුරවා ගන්න

දේව සමාදානය තුළ පවතින්න

දේව සමාදානයෙන් ක්‍රියා කරන්න

දේව සමාදානය ඔබ රැක ගන්න

දේව සමාදානයෙන් ජීවත් වන්න

කිසිවක් ගැනමා කනස්සලූ නොවන්නෙම්

සියල්ලෙදි යාච්ඤාවෙන්දෙවිඳුට දන්වන්නෙම්

ස්තුති දීමෙන්මගේ ඉල්ලීම් පුද කරන්නෙම්

දෙව් සමාදානෙන්මගෙ හද පුරවා ගන්නෙම්

දේව සමාදානය තුළ පවතින්නෙම්

දේව සමාදානයෙන්ක්‍රියාකරන්නෙම්

දේව සමාදානය මා රැක ගන්නෙම්

දේව සමාදානයෙන් ජීවත් වන්නෙම්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →