← Back to all songs
HYMN #B148

දේවාත්මයෙනි වඩිනු දැන්

Dheavaathmayeni Vadinu Dhan

දේවාත්මයෙනි වඩිනු දැන්

අප කෙරෙහි තෙද බලෙන්

අඳුර නිතින දුර ලමින්

ආලෝක කරනු සිත නොමින්

පාප දෝස සැම දවන්

ගින්න නිතර දල්වමින්

දැඩිම සිත මොළොක් කරන්

තැවෙන සිතක් නිති දෙවන්

සුද්ද සිතිවිලිත් පසන්

මා සිත තුළ උපදවන්

සිතට සතුට සැනසුමා

දෙමින නොමින මනරමා

දිව්‍ය මාවතේ තෙදා

නිති ගෙන යනු මැන සොඳා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →