← Back to all songs
WORSHIP

හිරු එළියට සැසඳිය නොහැකියි

Hiru Eliyata Sesadhiya Nohekie

නත්තල් · Christmas

හිරු එළියට සැසඳිය නොහැකියි

ඔබෙ ප්‍රේමයේ මහිමේ

ඔබෙ අභියසේ සෙවනැල්ලක් නොමැතේ

ඔබෙ සිහසුණ ඉදිරියේනැත කිසි මිනිසෙකු සිට ගන්නේ

ස්වර්ගයේ ශුද්ධ දෙවිඳු ඉදිරියේ

එය ඔබේ ලෙයින් පමණයි

ඔබේ කරුණාවෙන් පමණයිසමිඳේ මා එමි

මගේ රජිඳුට නමස්කාර පූජාවක් ගෙන එමී

මා ගයන පැසසුම් ලබන්න ලොවේ සුදුස්සෙකු නැතේ

යේසුනි ඔබහට දිය යුතු ගෞරවය ලබනු මැනේ

සමිඳේ ඔබ වෙත පූජාවක් ගෙන එමී

පූජාවක් ඔබවෙත ගෙනෙන්නෙමී

බෙත්ලෙහෙම් නුවර අහසේ තරුවක් බැබලූනා

දෙව් ¥තයන් බැටළු එෙඬ්‍රුන්හට ගැයුවා

ඥානවන්තයන් සත්‍ය සොයා දුර සිට පැමිණියා

ස්වර්ගයෙන් ආ බිළිඳා සොයන්න අපේක්ෂා කළා

ඔවුන් දණින් වැටී නැමදුම පිදුවේ

සමාදානයේ කුමරුන්ටයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →