← Back to all songs
HYMN

දේව පියාණන් පුත්‍රයාණන්ව මහිමයට එසෙව්වා

Dheava Piyaanan Puthrayaananva Mahimayata Esevvaa

දේව පියාණන් පුත්‍රයාණන්ව

මහිමයට එසෙව්වා

අන් සැමට වඩා සැම දෙයට වඩා

එතුම් නාමය පසසන්න //

සියල්ලටම ඉහලින් තබා -

අඳුර පා යට දමා - //

සියල්ල කෙරෙහි බලය ලබා

පුදුම දේ කරන්නේ - රජකම් කරන්නේ

දේව පියාණන් පුත්‍රයාණන්ව... x 1

රජුන්ගේ රජවූ යේසුතුමන් -

සදා නමදින්නෙම් - //

සැම දණ නමමින් එතුම් නාමයට

ගෞරව කරන්නේ - ස්තුති ගී ගයන්නේ

දේව පියාණන් පුත්‍රයාණන්ව... x 1

අන් සැමට වඩා සැම දෙයට වඩා

එතුම් නාමය පසසන්න

එතුම් නාමය පසසන්න

එතුම් නාමය පසසන්න

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →