← Back to all songs
HYMN

දේව කරුණාව, දේව දයා ගුණ

Dheava Karunaava Dheava Dhayaa Guna

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

දේව කරුණාව, දේව දයා ගුණ

දේව ප්‍රේමය, ලැබුනේ අප හට //

දෙවිඳුන් උසස්ය සෑමදා

නොවටිනා අප ගැන සැලකුවා

දෙවිඳුන් බලවන්තයි සදා

දුර්වල අප සවිමත් කළා

දේව කරුණාව, දේව දයා ගුණ

දේව ප්‍රේමය, ලැබුනේ අප හට

දෙවිඳුන් පුදුමයි සෑමදා

මරණින් අප දිවි සුරැකුවා

ප්‍රේමය නොවෙනස් වෙයි සදා

කුරුසිය මත දිවි පුද කලා

දේව කරුණාව, දේව දයා ගුණ

දේව ප්‍රේමය, ලැබුනේ අප හට //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →