HYMN
ආසිරි ලද්දෝ ආසිරි ලද්දෝ කව්දෝ
Aasiri Ladhdhoe Aasiri Ladhdhoe Kavdhoe
ආසිරි ලද්දෝ /// කව්දෝ
අපරාදෙට කමාව පාපෙට සමාව
ලැබූ තැනැත්තෝ නොවේදෝ
මහිමය දෙවිඳුන්ට පැසසුම දෙවිඳුන්ට //
මහිමය පැසසුම ලබන්ට වටිනා
දෙවිඳුන් ඔබ නොවෙද? //
ආසිරි ලද්දෝ /// කව්දෝ
දමිටු කම නිසා පීඩා විඳින්නෝ
ආසිරි ලද්දෝ නොවේදෝ //
මහිමය දෙවිඳුන්ට පැසසුම දෙවිඳුන්ට //
මහිමය පැසසුම ලබන්ට වටිනා
දෙවිඳුන් ඔබ නොවෙද? //
ආසිරි ලද්දෝ /// කව්දෝ
ධර්මිෂ්ඨ කමට සාපිපාස ඇත්තෝ
ආසිරි ලද්දෝ නොවේදෝ //
මහිමය දෙවිඳුන්ට පැසසුම දෙවිඳුන්ට //
මහිමය පැසසුම ලබන්ට වටිනා
දෙවිඳුන් ඔබ නොවෙද? //
(ගීතාවලිය 32:1, මතෙව් 5:6-10)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →