HYMN #B164
ආ... හා... බලනුව (එකමුතු වෙමු)
Aa Haa Balanuva Ekamuthu Vemu
ආ... හා... බලනුව රස මෙදිනේ
යේසු අනගි වු සුරනාමේ
සැම දින රස දෙන මී පැණි මේ
සුමධුර ගීතය වේ
එකමුතු වෙමු - දණ නමමු
නමදිමු සුර නම ශ්‍රී යේසු
නාමේ සුරිඳුගේ සුවඳමය
නාමේ වැගිරවු විලවුන්ය
එබැවින් සුසුදන දෙව් ඔබටා
කරතිය බෝ අදර
නාමේ ඇසූ විට යකු බිය වෙයි
වෙව්ලා හනිකට පැනලා යයි
සවිබල ඇති නම යේසුම වේ
ඉරයට නෑ එ සමා
යේසුස් නමගෙන යනු බැතිනා
මේ ලොව යන එන සෑමතැනා
වෙන කිසිවකු තුල නෑ මිදුමක්
මිදුමය යේසු තුමා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →